Wednesday, September 7, 2016

සඳ නොමැති රැයේ

සද නොමැති රැයේ - තරු පහන් නිවා
සිහිනයෙන් වඩින කුමරී
කදුළකින් දොවා - හදවතම දවා
ඔබ ගිහින් දුරක සොදුරී

ඔබෙ සුසුම් පවා - උණුහුමක් කියා
මා සිතා ඔබට බැදුනී
මගෙ ලගට වෙලා - හදවත රවටා
මා මුලා කලා මලවී

සද නොමැති රැයේ....//

හමු උනත් ඔයා - ඉදහිට මතුදා
ඔබ එන්න එපා හිනැහී
ඔබෙ මතක පවා - මා විසිකෙරුවා
සිහිනයෙන් ඔබේ ඇහැරී...

සද නොමැති රැයේ....//



Tuesday, July 5, 2016

අදහන්නෙ නෑ සිත ඒ ඔබමද කියා....


අපි පෙම් කලා පෙරදා එක හිතක් කියා
අද වෙන් වෙලා ඔබ මා මෙහි තනිවෙලා
දුක දුන්නෙ ඇයි මෙසේ මා රවටලා
හිනැහෙන්න වත් මට දැන් අමතක වෙලා...

පෙර උන් බැදී මතකේ යලි සිහි වෙලා
කදුලක් නැගී දෙනෙතේ ඇස් බොද කලා
සිටියත් දුරින් සෙනෙහස අමතක වෙලා
අදහන්නෙ නෑ සිත ඒ ඔබමද කියා....

අපි පෙම් කලා...//

නැගුවත් ලොවේ දසතින් මට චෝදනා
මා වැරදි නැති බැවු ඔබ දන්නවා
එනමුදු ඔබත් ඉන්නේ අද ගොළුවෙලා
මා මියැදුනා වෙන් නම් සතුටින් ඔයා.....

අපි පෙම් කලා...//


අපූරු සෙනෙහස

හිතට දැණුන අපූරු සෙනෙහස.

ලියන්න තරම් ගොඩක් දේවල් තිබුනත් ලියන්න තරම් හිත හදාගන් බැරුව ටිකක් කල් ගතවුනා. පටන් ගත්ත හැමදේම බාගෙට. ඒත් ලගකදි වුන සිදුවීමක් එක්ක කොහොමහරි ලියන්න වෙලාවයි හිතයි දෙකම හදාගත්ත.
            ලගකදි දවසක අසනීපයක් නිසා මට රෝහල් ගතවෙන්න සිද්ද වුනා. වැඩට ආපු ගමන් එහෙන්මම ගිහින් මාතර රෝහලේ 17 වාට්ටුවෙ නතරවුනා. වැඩිපුර හිටියෙ ඩෙංගු රෝගීන් නිසා ඩෙංගු මාරය ජයටම වැඩ පටන් අරන් නිසා දොස්තරවරු බැලුවෙ මටත් ඩෙංගුද කියල. කොහොම හරි ඔය වාට්ටුවෙම හිටිය වයසක අමාරු ලෙඩෙක් සිහිය නැතුව මැෂින් එහෙම හයි කරල තිබුනෙ. ඔහොම වෙද්දි මම ගියපු පලවෙනි දවසෙ හවස ඒ සීය බලන්න ආව එයාගෙ නෝන. (පස්සෙ ආරන්චි විදියට ඒ අයට ළමයි නැහැ) කොහොමහරි එදා ලෙඩාට වෙනදට වැඩිය අමාරුයි වගේ. ඉතින් අර අම්ම ඒ මහත්තය ලගට ගිහින් කනටම ලංවෙලා ලස්සනට කවි වගයක් කියනව. මට ඇත්තටම හාන්සිවෙලා ඉන්න තරම් අමාරුවෙන් හිටියට නිකම්ම ඇදේ වාඩි වුනා. පුදුම ලස්සන කවි ටිකක්, පුදුම ලස්සන කටහඩක්.
            ඇත්තටම මට ඒ වෙලාවෙ කියන්න හිතුන අනේ අම්මෙ ඒ කවි ටික මුළු වාට්ටුවටම ඇහෙන්න කියන්න කියල. ඒත් එතන එහෙම හොද තත්වයක් තිබුනෙ නැහැ. ඒ අම්ම කවි කියන ගමන් ඒ තාත්තගෙ ඔළුව අතගානව පුදුම ආදරෙන්. මගේ ඇස් දෙකට කදුළු ආවෙ නිකම්ම වගේ. මට ඒ වෙලාවෙ හිතුන ඒ තාත්ත කොයි තරම් වාසනාවන්තද කියල ඒ වගේ බිරිදක් ලබන්න. ඒ සිදුවීම මට විතරක් නෙවෙයි එතන හිටපු හැමෝටම වගේ සංවේදි දර්ශණයක් වුනා. දැනට මේ සිදුවීම වෙලා සතියකට පොඩ්ඩක් වැඩී. හැබැයි මට අදටත් ඒ කටහඩ ඇහෙනව. ඔයාලත් අහල ඇති මේ කවි මට නම් කවිටික හොයාගන්න බැරිවුනා තවම ලැබුණු ගමන් දාන්නම්. මතක එක පදයක් විතරක් දැනට දානව.

             සාදු සාදු කලා වූ පිං පෑදි පෑදි දිලේවා ආදි ආදි නොදැන කල පව් සේදි සේදි ගෙවේවා
           
     මට නම් ඊට පහු වෙනිදම ගෙදර යන්න පුළුවන් වුනා.(ආ මේ මට ඩෙංගු නෑ හොදේ, ඒක වයිරස් උණක්. අහක යන වයිරස් එකක් උනත් ඇගට වැටෙන එක කේන්දරේම තියනව. අපි ඒ තරම්ම වාසනාවන්තයි නෙ.) මගෙ ටිකට් කපන දවසෙ උදේ ඒ අම්ම ලග ඉදිද්දිම අර තාත්තගෙ අන්තිම හුස්මත් වැටුන. හැබැයි මට දුකක් ඇතිවුනේ නැහැ, මොකද ඒ තාත්ත ගොඩක් හොද තැනක උපදින්න පුළුවන් වෙයි කියල මට හිතෙනව. හැබැයි ඒ තාත්තට ගොඩක් පාළු හිතෙයි තමන්ගෙ ඒ ආදරණීය බිරිද නැතුව.(හරියට නම ගමවත් දන්නෙ නැතුවට තාත්තෙ ඔබට නිවන් සුව...! අම්මෙ ඔබ රටට වාසනාවක්.)


මේ කථාව අස්සෙම තව දෙයක් ඔබන්න හිතුන. ඒ මාතර රෝහලේ දැන් පරිපාලනය ගැන. මට මේක කියන්න තරම් අයිතියකුත් තියනව (මේ රෝහලේ මම දන්න කවුරුවත් නැහැ හොදද? අනික මම සුව ඇමතිත් නෙමෙයි.) මමත් ඉතින් මොකක්ම හරි ලෙඩකට අවුරුද්දට දෙපාරක් වත් ඔකෙ නවතිනව නෙ. ඒකයි අරෙහෙම කිවුවෙ. අපිට ඉතින් සල්ලි ගෙවන තැන් වල නවතින්න බැහැනෙ. ඉස්සර නම් ඕවයෙ නවතිනව කියන්නෙ හම්මෝ වහ කන වැඩක්නෙ. හැබැයි මේ පාර හිටියෙ දවස් දෙකයි ඇත්තටම ඒ වැඩසටහන දිගටම පවතිනව නම් හොදයි කියල හිතුන.
Ø  දවසට දෙපාරක් වාට්ටුව පිහදානව මොප් කරනව මාරම පිරිසිදුයි. ටොයිලට්ස් උනත් එහෙමයි.(දැන් අහන්න එපා ඒවයෙ බත් දාගෙන කන්න පුළුවන්ද කියල, මටනම් බෑ.)
Ø  හැමදාම උදේට ඇටන්ඩන් මිස්ල ඇවිත් හැම ඇදක් ගාවටම ගිහින් ඒ  ඇද අස්කරල පිහිදාල බෙට් ශීට් නවල මාරම සත්කාරයක් කරනව. ඒ විතරක් නෙමෙයි එතකන් ලෙඩා නැගිටල ඉන්න ඕනෙත් නැහැ. එන්නෙ ප්ලාස්ටික් බංකුවක් අරගෙන. ඇද ලගට ගිහින් බංකුවෙ වාඩි කරවල තමයි අනිත් වැඩ. නස් නෝනලත් නතර නොවීම වැඩ.
ඇත්තටම අගය කරන්න ඕන. ඒක නිසා මේක දැම්මෙ ඒ හැමෝටම උත්තමාචාරයක් විදියට. ඔහොම යං, එහොම යං.
(සැයු:- මේ කිවුවෙ 17 වාට්ටුව ගැන අනෙත් ඒවත් එහෙම වෙන්ටැ මයෙ හිතේ)


Monday, May 2, 2016

පොඩි කාලෙ ගෙවුනු හැටි.


               පොඩි කාලෙ  ගෙවුනු හැටි.

තාමත් ආදරේ කරන පුංච් කාලෙ සමහර සිදුවීම් මතකෙන් මැකිල යද්දි තවත් සමහර සිදුවීම් අමතක කරන්න බැරි තරමටම සුන්දර නිසාම තාම මතකයි. ඒ පුංචි පුංචි සිදුවීම් අදටත් මට ජීවිතේ කියල දෙනව. පුළුවන් පුළුවන් විදියට අපි කතාකරමු.
            
           මට ඇවිදින්න පුළුවන් කාලෙ ඉදන් ජීවිතේ වැඩි කොටසක් වැඩි කාලයක් ගෙවුනෙ ගමේ පන්සලේ. උදේ නැගිටපු වෙලාවෙ ඉදන් රෑට නිදාගන්නකම් පන්සලේ තමයි ජීවිතේ. ඇත්තටම ඒක වෙනස් සුන්දර අද්දැකීමක් හැමෝටම නොලැබෙන. සමහර වෙලාවට කැවුවෙ පෙවුවෙ නෑවුවෙ පන්සලේ හාමුදුරුවො.(පොඩි කාලෙ හොදද)
            
         මොනව කොහොම උනත් පන්සලේ ඉදල බයවෙලා වෙළෙන් පැනල ගෙදර දුවපු දවසුත් තිබුන. හේතුව නම් මේකයි. නායක හාමුදුරුවො අනිත් හාමුදුරුවන්ගෙ හිස බූ ගාන්න දැලිපිහිය අරන් ඇවිත් මාවත් කොන්ඩෙ කපල මහන කරන්න හැදුවෙ පාරක් දෙපාරක් නෙමෙයි.(පස්සෙ තමයි තේරුනේ ඒ බොරුවට කියල.) කෙහොම උනත් ඒ වෙලාවට නම් මම කොච්චර චන්ඩියද කිවුවොත් පස්ස බලන්නෙ ගෙදරටම ගිහිල්ල. කෙලින්ම පන්සල් වත්තෙන් වෙළට, වෙළෙන් දුවල ඇවිත් නවතින්නෙ අපේ ඉඩමෙ අයිනෙ තිබුන දෙල් ගහේ. හුසෙන් බෝල්ට් හිටියත් දෙක තමයි.(එහෙම තමයි කොච්චර චන්ඩි උනත් ඔහොම වෙලාවට බය වෙනවනෙ)

              පුංචි කාලෙ හැමෝම මොන්ටිසෝරි යද්දි මම අවුරුදු දෙකක් දහම්පාසලේ එක වසරෙ හිටිය.(දැන් අහන්න එපා මගේ මුල් ලමාවිය සංවර්දනය වෙලා නැද්ද කියල) අවුරුදු හතරක් විතරයි ගමේ දහම්පාසලට ගියේ.(ආනන්දගිරි දහම්පාසල) ඒ අවුරුදු හතරෙදිත් බොහොම රසවත් දේවල් තියනව ඒව වෙනමම කියන්නම්. මේකෙදි පොඩියට මුල පිරුව විතරයි. ඉස්සරහට කියන්නම් තව බොහෝ දේවල්.

Wednesday, April 27, 2016

ඔය සිනහව මට දෙනවද

හිනාවුනා ඔයා හදේ හැගුම් මවා
මගේමදෝ කියා සිතත් පිරී ගියා
එදා වගේ අදත් වටී මටත් ඔයා
හෙටත් මගේ ලගින් ඉන්න එනවද ඔයා....

ඇසේ ඔබේ කථා මගේ සවන් පුරා
දැනේ ලගින් මටත් ඔබේ සුසුම් පවා
නගේ ඔබෙන් තවත් දුරස් බවක් එපා
සෙනේහයෙන් ලගින් ඉන්න එනවද ඔයා....

හිනාවුනා ඔයා............//

ලදේ ඔබේ රුවින් සදත් මුවාවුනා
තරුත් ඇවිත් රැයේ හොරෙන් බලා ගියා
තවත් දුරින් ඉදන් රිදුම් මටත් එපා
රන්හුයෙන් බැදී යන්න එනවද ඔයා.....


හිනාවුනා ඔයා............//

අදහන්නෙ නෑ ඔබත් හැරගිය බවක්

උණුහුමට ගුළිවෙච්ච රෑ සීතලේ
නිදියන්න ඉඩ මදිද මගෙ උරතලේ
හිනැහිච්ච ඇස් ඔබම කදුලක් කලේ
රැවටිච්ච බව දන්නේ නෑ සිත මගේ

හමුවෙච්ච හැමදාම මගෙමැයි කියා
රතුවෙච්ච ඔය මුහුණ පපුවට තියා
මතකයිද ඔබ කිවුව දිවුරා  එදා
අද මාව කදුලේ ඔයා වෙන්වෙලා

උණුහුමට ගුළිවෙච්ච රෑ..........

තනිවෙච්ච ඔබෙ මතක මතකේ තියා
හිමිවෙච්ච දුක එක්ක මා තනිවෙලා
යලි එන්න හිතුනත් ඔයා නම් එපා
තනිකම හොදයි කදුලු මතකෙට වඩා....


උණුහුමට ගුළිවෙච්ච රෑ..........

හුස්මත් ඔයා



හුස්ම වැටෙනා මොහොතක පවා
ඔබ ඉන්නවා මසිතේ පුරා
නෙතු පියවෙනා සිහිනෙක පවා
ඉන්නෙ ඔබමයි තුරුලට වෙලා
ඒ ආදරේ ඔබේ දැන් මගෙ වෙලා.......//

අතින් අල්ලා යන්න ඔබ හා
හීන මැවුවා මමත් පෙරදා
දිනෙක මතුදා පැතුම අපගෙ
සැබෑ වෙනවා හිතට දැනුනා
ඒ ආදරේ ඔබේ මට දැනෙනවා.........//

හුස්ම වැටෙනා..............//

ඔබව කිසිදා නොයමි හැරදා 
දිවියම මගේ දැන් ඔබෙ වෙලා
ඉදිමු ඉවසා කදුළු නොසලා
පැතුම අපගේ ඉටුවන තුරා
ඒ ආදරේ ඔබේ මට වටිනවා...........//

හුස්ම වැටෙනා..............//


ඔයා තරම් නෑ කවුරුත්

        

හුස්මක් තරම් ලගින් දැනුනා ඔයා මගෙන්
සුවදත් අරන් යලිත් එනවාද රත්තරන්
මොහොතක් පවා ඔබෙන් වෙවෙන්න බැරි තරම්
මා ආදරේ බවක් දැණුනාද රත්තරන්

වදනක් පවා ඔබේ සනසයි සිතුම් මගේ
තාමත් එදා වගේ ඔබමයි සිතේ මගේ
කදුළක් ඔබේ නෙතේ නොසැලෙන් පෙමින් අපේ
හිනැහෙන් ලගින් නගේ සැමදා ඔයා මගේ

හුස්මක් තරම් ලගින්...........//

කාටත් හොරා ලගින් හිටියා ඔයා මගෙන්
පෙරදා වගේ යලිත් අමතන්න ආදරෙන්
දිවුරා ඔයා නමින් පුදකරමි ජීවිතෙන්
සැමදා ඔයා මගේ වෙනවාද රත්තරන්

හුස්මක් තරම් ලගින්...........//


බලා ඉන්නෙ මං, ඔබ මගෙ වෙනකම්.


හිනාවෙන්න මගෙ ලගට වෙලා
තවත් ඉන්න බෑ දුරස් වෙලා
ඔබේ සුවද මට මතක් වෙලා
ඉන්නට හිතෙනව තුරුළුවෙලා....

හමුවී දවසක හිනාවෙලා
පෙම්බස් මුමුනමු ලගට වෙලා
ඉන්නට ඇත්නම් අපේ වෙලා
එනවද දවසක මගේ වෙලා....

හිනාවෙන්න මගෙ..........//

මතකය ඔබගේ මතක් වෙලා
පාළුව තනිකම දුරස් වෙලා
ලගදිම දවසක මගේ වෙලා
එනවද මගෙ ලොව රැජින වෙලා.....

හිනාවෙන්න මගෙ..........//


ඔයා මගෙ විතරමයි ආදරෙයි සත්තමයි.


හමුවනා හැම මොහාතෙ ඔබ මා
ගොළුඋනා මුව ගොළුඋනා.....
කියාගනු රිසි හදේ සෙනෙහස
හිතේ පතුලෙම හිරවුනා.....

ඔබේ රුව ලග ලොවට රහසේ
මගේ දෙනයන නැවතුනා.....
හිනාවෙන ඔය ඇස් වලින් මට
ඔබේ සෙහස දැනෙනවා.......

හමුවනා හැම මොහාතෙ............//

තනිවෙනා හැම තත්පරෙත් හිත
ඔයාවම පතනා නිසා......
වෙන්නොවී ඉමු හිනෙකින් වත්
අපි අපේ වෙනකම් සදා......

හමුවනා හැම මොහාතෙ............//




මේ හිත ඔබටමයි, ඔබටම විතරමයි.

හීන පුරා ද කරනා සොදුරු හැඩකාරියේ
දුරස්වෙලා ඉන්න එපා තවත් නම් මේ වගේ
කරනා ඇස් අතරේ දුටුව ඔබෙ ආදරේ
මගේ වෙලා ඔබ එනකං ඉන්නවා පෙර වගේ...

මුකුළු කථා ඔබ කියනා දැනෙනවා ජීවිතේ
සුරංගනා ලොවින් ගෙනා කුමරියයි ඔබ මගේ
ඔබෙන් එහා තවත් එපා කවුරුවත් මේ වගේ
මගේ වෙලා ඔබ එනකං ඉන්නවා පෙර වගේ...

හීන පුරා ද කරනා........//

සොුරු සිනා ඔබ හෙලනා නිවයි මගෙ ජීවිතේ
ුර මකා සිසිල ගෙනා ඔබයි සවත මගේ
සසර පුරා යනෙන තුරා වෙලා ඉමු අපි අපේ
මගේ වෙලා ඔබ එනකං ඉන්නවා පෙර වගේ...

හීන පුරා ද කරනා........//

                                                          ධනුෂ්ක


ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක් මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරා ධනා වක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවී...