හිතට දැණුන අපූරු සෙනෙහස.

ලියන්න තරම් ගොඩක් දේවල් තිබුනත් ලියන්න තරම් හිත හදාගන් බැරුව ටිකක් කල් ගතවුනා. පටන් ගත්ත හැමදේම බාගෙට. ඒත් ලගකදි වුන සිදුවීමක් එක්ක කොහොමහරි ලියන්න වෙලාවයි හිතයි දෙකම හදාගත්ත.
            ලගකදි දවසක අසනීපයක් නිසා මට රෝහල් ගතවෙන්න සිද්ද වුනා. වැඩට ආපු ගමන් එහෙන්මම ගිහින් මාතර රෝහලේ 17 වාට්ටුවෙ නතරවුනා. වැඩිපුර හිටියෙ ඩෙංගු රෝගීන් නිසා ඩෙංගු මාරය ජයටම වැඩ පටන් අරන් නිසා දොස්තරවරු බැලුවෙ මටත් ඩෙංගුද කියල. කොහොම හරි ඔය වාට්ටුවෙම හිටිය වයසක අමාරු ලෙඩෙක් සිහිය නැතුව මැෂින් එහෙම හයි කරල තිබුනෙ. ඔහොම වෙද්දි මම ගියපු පලවෙනි දවසෙ හවස ඒ සීය බලන්න ආව එයාගෙ නෝන. (පස්සෙ ආරන්චි විදියට ඒ අයට ලමයි නැහැ) කොහොමහරි එදා ලෙඩාට වෙනදට වැඩිය අමාරුයි වගේ. ඉතින් අර අම්ම ඒ මහත්තය ලගට ගිහින් කනටම ලංවෙලා ලස්සනට කවි වගයක් කියනව. මට ඇත්තටම හාන්සිවෙලා ඉන්න තරම් අමාරුවෙන් හිටියට නිකම්ම ඇදේ වාඩි වුනා. පුදුම ලස්සන කවි ටිකක්, පුදුම ලස්සන කටහඩක්.
            ඇත්තටම මට ඒ වෙලාවෙ කියන්න හිතුන අනේ අම්මෙ මුළු වාට්ටුවටම ඇහෙන්න කියන්න කියල. ඒත් එතන එහෙම හොද තත්වයක් තිබුනෙ නැහැ. ඒ අම්ම කවි කියන ගමන් ඒ තාත්තගෙ ඔළුව අතගානව පුදුම ආදරෙන්. මගේ ඇස් දෙකට කදුළු ආවෙ නිකම්ම වගේ. මට ඒ වෙලාවෙ හිතුන ඒ තාත්ත කොයි තරම් වාසනාවන්තද කියල ඒ වගේ බිරිදක් ලබන්න. ඒ සිදුවීම මට විතරක් නෙවෙයි එතන හිටපු හැමෝටම වගේ සංවේදි දර්ශණයක් වුනා. දැනට මේ සිදුවීම වෙලා සතියකට පොඩ්ඩක් වැඩී. හැබැයි මට අදටත් ඒ කටහඩ ඇහෙනව. ඔයාලත් අහල ඇති මේ කවි මට නම් කවිටික හොයාගන්න බැරිවුනා තවම ලැබුණු ගමන් දාන්නම්. මතක එක පදයක් විතරක් දැනට දානව.

             සාදු සාදු කලා වූ පිං පෑදි පෑදි දිලේවා ආදි ආදි නොදැන කල පව් සේදි සේදි ගෙවේවා
           
     මට නම් ඊට පහු වෙනිදම ගෙදර යන්න පුළුවන් වුනා.(ආ මේ මට ඩෙංගු නෑ හොදේ, ඒක වයිරස් උණක්. අහක යන වයිරස් එකක් උනත් ඇගට වැටෙන එක කේන්දරේම තියනව. අපි ඒ තරම්ම වාසනාවන්තයි නෙ.) මගෙ ටිකට් කපන දවසෙ උදේ ඒ අම්ම ලග ඉදිද්දිම අර තාත්තගෙ අන්තිම හුස්මත් වැටුන. හැබැයි මට දුකක් ඇතිවුනේ නැහැ, මොකද ඒ තාත්ත ගොඩක් හොද තැනක උපදින්න පුළුවන් වෙයි කියල මට හිතෙනව. හැබැයි ඒ තාත්තට ගොඩක් පාළු හිතෙයි තමන්ගෙ ඒ ආදරනීය බිරිද නැතුව.(හරියට නම ගමවත් දන්නෙ නැතුවට තාත්තෙ ඔබට නිවන් සුව...! අම්මෙ ඔබ රටට වාසනාවක්.)


මේ අස්සෙම තව දෙයක් ඔබන්න හිතුන ඒ මාතර රෝහලේ දැන් පරිපාලනය ගැන. මට මේක කියන්න තරම් අයිතියකුත් තියනව (මේ රෝහලේ මම දන්න කවුරුවත් නැහැ හොදද? අනික මම සුව ඇමතිත් නෙමෙයි.) මමත් ඉතින් මොකක්ම හරි ලෙඩකට අවුරුද්දට දෙපාරක් වත් ඔකෙ නවතිනව නෙ. ඒකයි අරෙහෙම කිවුවෙ. අපිට ඉතින් සල්ලි ගෙවන තැන් වල නවතින්න බැහැනෙ. ඉස්සර නම් ඕවයෙ නවතිනව කියන්නෙ හම්මෝ වහ කන වැඩක්නෙ. හැබැයි මේ පාර හිටියෙ දවස් දෙකයි ඇත්තටම ඒ ක්‍රෙමේ දිගටම පවතිනව නම් හොදයි කියල හිතුන.
Ø  දවසට දෙපාරක් වාට්ටුව පිහදානව මොප් කරනව මාරම පිරිසිදුයි. ටොයිලට්ස් උනත් එහෙමයි.(දැන් අහන්න එපා ඒවයෙ බත් දාගෙන කන්න පුළුවන්ද කියල. මටනම් බෑ.)
Ø  හැමදාම උදේට ඇටන්ඩන් මිස්ල ඇවිත් හැම ඇදක් ගාවටම ගිහින්ඒ ඇද අස්කරල පිහිදාල බෙට් ශීට් නවල මාරම සත්කාරයක් කරනව. ඒ විතරක් නෙමෙයි එතකන් ලෙඩා නැගිටල ඉන්න ඕනෙත් නැහැ. එන්නෙ ප්ලාස්ටික් බංකුවක් අරගෙන ඇද ලගට ගිහින් බංකුවෙ වාඩි කරවල තමයි අනිත් වැඩ. නස් නෝනලත් නතර නොවීම වැඩ.
ඇත්තටම අගය කරන්න ඕන. ඒක නිසා මේක දැම්මෙ ඒ හැමෝටම උත්තමාචාරයක් විදියට. ඔහොම යං, එහොම යං.
(සැයු:- මේ කිවුවෙ 17 වාට්ටුව ගැන අනෙත් ඒවත් එහෙම වෙන්ටැ මයෙ හිතේ)


Comments

Popular posts from this blog

ජීවිතයට කථාවක්

පොඩි කාලෙ ගෙවුනු හැටි.

හුස්මත් ඔයා