Tuesday, September 4, 2018

දහම්පාසලේ තවත් කතාවක් බබා Love.

හැමදාම ලියන්න හිතාගෙන ලිවීම පටං ගත්තට මොකද ලියන එක ලත් තැන ලොප් උනා.. ඒත් ඉතින් පුරුද්ද අතාරින්න බැහැනෙ. ආයෙම ලියන්න පටන්ගත්ත. ඉතින් මිත්‍රවරුනි අද මාතෘකාව බබා Love. (ඉංග්‍රීසි පොඩ්ඩක් හරි දන්නව කියල පෙන්නන්න ඕනනෙ.)
       මේකත් දහම් පාසලේම සිද්දියක්. ලගදි දවසක දහම් පාසලේ දහය වසරෙ ලමයෙකුගෙ ලඟ තිබිල ⁣පෙම් හසුනක් ටීචර් කෙනෙකුට අහුවෙලා.
මටත් Office එකට ආරාධනාව ලැබුණ නඩු විසදන්න. ඒ ලියුමෙ අයිතිකාර කොලුවගෙන් ප්‍රශ්න කිරීමේ බලය ලැබුණෙ මට. මම ඉතින් වචනෙ දෙක අහගෙන යද්දි, අඟ මුල එලියට එද්දි පිරිමි  ලමයි හය දෙනෙක්ම විත්ති කූඩුවෙ. (ප්‍රේමවන්තයයි, ආදාර අනුබල දුන්නු පිරිසයි) ප්‍රේමවන්තිය අට වසරෙ.
   සිද්දිය මෙහෙමයි,  දහම් පාසලේ දහය වසරෙ කොල්ලෙකුට දහම්පාසලේ පහල පන්තියෙ කෙල්ලෙක් ගැන පිළිබඳ සිතක් පහල වෙලා. මිනිහත් ඉතින් යාලුවො දෙන්නෙකුත් එක්ක පෙම් හසුනක් එහෙම කාරිය ලියන්න සෙට්වෙලා බලනකොට එතන හිටපු එකෙට්ටවත් ලස්සනට අකුරු ලියන්න බෑ...(මට වගේමයි. මම නම් ඔය පෙම් හසුන් ලිවුවෙ නෑනෙ, සත්තයි.) පෙම් හසුනක් උනාම ලස්සන අකුරින් දෙන්න එපායැ නේද ? දැන් ඉතින් මේක ලියාගන්න තව එකෙක් අල්ලගන්න වෙනවනේ.. මේ පාන්දර අනිත් ලමයි පූජාවට උඩ මලුවට ගිහින්. හැබැයි මුන් තුන්දෙනා ලෙඩවෙලා කියල පහල නැවතිලා.. ඔය අතරෙම හය වසරෙ ලමයි තුන්දෙනෙකුත් පහල නැවතිලා පන්ති අස් කරන්න කියල. උනුන් හොඳ ඇම්ඩන්ල.. ඔන්න ඉතින් ජාඩියට මූඩිය වගේ අර හය වසරෙ ලමයෙක් හසුන ලියන වැඩේ බාරගෙන හැබැයි ඉංග්‍රීසියෙන්.  ඒත් අදහස් එන්නෙ සිංහලෙන්.. පස්සේ ඒ ඉංග්‍රීසි පෙම් හසුනෙ වැඩේ එතනින් ඉවරයි. (වෙලාවට එහෙම උනේ.. නැත්නම් ඕක අර ගෑනු ලමයට දුන්නනම් ඒ ලමයට ඕක කියවගන්න කොහොමත් වෙන කෙනෙකුට දෙන්න වෙනව.) අවසානෙදි ලියුම ලියන වැඩේ බාරගත්තෙ අකුරු ලස්සන ලමයෙක් නෙමෙයි. අකුරු කැත අඩු ලමයෙකුට. (ලියුමත් මම පහතින් අමුනන්නම්.) වැඩේ හොඳ කථාව කියන්නෙ මේක දෙනකම් පරිස්සමට දාල තියෙන්නෙ පන්තියෙම ඉන්න අහිංසකම ලමයෙකුගෙ පොත් බෑග් එකක් ඇතුලට. ඒ ලමයටත් හොරාට, වැරදි කාරයො නැතුව ඒ ලමය අහුවුණානම් මල කෙලියයි නෙ.
මම මේක ලිවුවෙ කාට ‍දෙන්නද කියල අහද්දි අහද්දිම මේවුන් ටික කිවුවෙම දහම් පාසලේ ලමයෙකුට දෙන්න නෙමෙයි ලියුවෙ කියල. ඒත ඉතින් මම නොදන්න චෙස් කියල(එහෙම කිවුවට මම චෙස් දන්නෑ බං) පහල පංතිවල නාම ලේඛන ගෙනත් බැලුවහම මේ තියෙන්නෙ බැබලි බැබලි නම..  අන්තිමට හැමෝම ටිකක් බය කරල අවවාද කරල යැවුව දරුවොනේ  කියල..
සැ.යු :- මේක බැලුවම සමහරු කියයි පව් වැඩේ කියල. ඒත් එතනදි මම වැඩ කරන්න ඕන දහම්පාසලේ ගුරුව⁣රයෙක් විදිහට.. මොකද සමහර නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපනකං ඉන්න හොද නැහැනෙ.. ආදරය හොඳයි හැබැයි අවබෝධය එක්ක එන. ඉගෙන ගන්න ටිකේ හරියට ඉගෙනගෙන පස්සේ බැරියැ Love නැත්නම් ඔය ඕන ඉලවුවක් කරගන්න නැද්ද මං අහන්නෙ... එහෙම නොවුනොත් පුතේ පොඩිකාලේ ලවු පස්සෙන් පහු ඉලවු (මල ගෙවල්) වෙලා තමයි නවතින්නෙ..
ප.ලි.- අර යක්කු අර ලියුම වෙලාවට සිංහලෙන් ලිවුවෙ. නැත්නම් මට උබලට කතාව කියන්න තව හුගාක් කල් යයි. ඇයි බං මටත්  ලියුම කියවගන්න හෙන ගේමක් දෙන්න වෙනවනේ.. ඒ තරමට අපෙත් ඉංග්‍රීසි දැනුම ඉහලයිනෙ..
    

ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක් මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරා ධනා වක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවී...