Monday, June 10, 2019

කුඩය ඇල්ලීම සහ සමාජ මාධ්‍ය

කුඩය ඇල්ලීම සහ සමාජ මාධ්‍ය (බලනව නම් බලපං, නැත්නම් ඒත් බලපං.)

දෙවන පදවි ප්‍රාප්තියෙන් පසු ලංකාවට ආපු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකා ජනපති සිරිසේන මහතා කුඩය ඇල්ලීම පිළිබඳ සමාජ මාධ්‍ය තුල ඉමහත් විවේචනයක් සිදුවනු දුටු නිසා ලිවීමට සිතුනි.

මා එම විවේචනය කරන්නන් තරමට බුද්ධිමත් නොවෙනු ඇත. එහෙත් මිතුරකුට තවත් මිතුරකු කුඩය ඇල්ලීම අතිශය සාමාන්‍ය දෙයක් යැයි මට සිතේ. ඔබ මිතුරකු සමග ගමනක් යන විට වැස්සක් ඇතිවුවහොත් ඒ මොහොතේ ඔබ අත පමනක් කුඩයක් ඇත්නම් නැතහොත් අනෙකා අත පමණක් කුඩයක් ඇත්නම්  ඔබ හෝ ඔහු කුඩය දෙදෙනා වෙනුවෙන් ඇල්ලීම මොන විදිහේ අඩුපාඩු කමක් දැයි මට නොහැගේ. ඉහත ජනපති, අගමැති අතර සිදුවීමද එවැනි දෙයක් පමනි. තම විදේශ මිතුරා වැස්සෙන් ආරක්ෂා කිරීම විවේචනය නොව අගය කලයුතු දෙයකි. සියල්ල වැරදි ලෙස දැකීම අනුවන කමකි. එමෙන්ම යම් හෙයකින් කුඩය ඇල්ලීමට වෙනත් නිලදාරියෙකු යොදා ගත්තේනම් මුන්ට කුඩ අල්ලන්නත් මිනිස්සු ඕනෙද. මුන්ම කුඩය අල්ල ගත්තොත් හෙන ගහනවද යනුවෙන් ඔබගේ විවේචනය වෙනස්වනු ඇත. ඔවුන් දෙදෙනා අත කුඩ තිබුනේ නම්, මුනුත් රාජ්‍ය නායකයොද කුඩයක් අල්ලන්නවත් එකෙක් නැති හැටි රටටත් එක්කම ලැජ්ජාවක් යැයි පවසනු ඇත.

උදාහරණයක් ලෙස ඔබ අසා ඇති ඊසෝප්ගේ උපමා කතාවක් මෙසේ ලියා තබමි. දිනක් පියෙකු සහ පුතෙකු තමා ලග සිටි බූරුවකු අලවි කිරීම සඳහා රැගෙන යන විට මඟ සිටි මිනිසුන් මෙසේ කීය. බලන්න මේ වගේ මෝඩයො දෙන්නෙක් බූරුවෙක් තියාගෙන පයින් යන හැටි., මෙය ඇසූ පිය පුතු බූරුවා පිට නැගී ගමන් කරන්නට විය. මද දුරක් යන විට තවත් පිරිසක්, මේ වගේ පවුකාරයො දෙන්නෙක්. අර සතාට උහුලන්න පුළුවන් බරක්ද අර යැයි විහිළු කල නිසා පියා බූරුවා පිටින් බැස පුතු බූරුවා මත ගමන් කරන්නට විය. ගියේ මද දුරකි, අපොයි මෙහෙම දරුවො තාත්ත පයින් යනව පුතා සැපට බූරුවා පිටේ යනව යැයි මිනිසුන් දොස් නගන්නට වූ හෙයින් පුතු බිමට බස්සවා පියා බූරුවා පිට නැගීය. ගියේ මඳ දුරකි. මිනිසුන් ⁣මෙසේ කීය. අපොයි මෙහෙම තාත්තා කෙනෙක් මේ පුංචි දරුව මෙච්චර අමාරුවෙන් පයින් යද්දි තාත්ත සැපට යන හැටි. ඔවුන් තුළ සියළු විකල්ප අවසන් හෙයින් අවසානයේ ⁣පියා සහ පුතා බූරුවා කරපිට තබාගෙන වෙළෙඳ පළ වෙත ගියේය.

සියළු දෙනා සතුටු කිරීමට උත්සාහ  කිරීම ඉමහත් මෝඩ ක්‍රියාවකි. විවේචනය කිරීමද එසේමය. වරද විවේචනය කළ යුතුය. නමුත් අගය කළයුත්තද විවේචනය කිරීම යහපත් නොවේ. වැරදි දහසක් මැද උවද එක හොදක් ඇත්නම් එය අගය කිරීමට පුරුදු වෙමු.

රැල්ලට නොගොස් වැල්ලේ නවතිමු.
(සැ.යු : ශ්‍රී ලංකා ජනපති පිළිබඳ පොදු විවේචනය මෙයින් වෙනස් නොවේ.)

Thursday, May 16, 2019

සහරාන් හමුවුනෙමි


සහරාන් හමුවුනෙමි
සහරාන් - මචං පොඩි උදවුවක් කරපං.
මම - මොකටද බං අපෙන් උදවු, උබ ඉන්නෙ දැන් උබල හොයපු ලෝකෙ කණ්‍යවියො 72 එක්ක නේද.
සහරාන් - අනේ බං උන්ගෙන් බේරෙන්න තමයි උදවුව ඕන. මට මේ අපායෙන් ගැලවෙන්න උදවු කරපං.
මම -කොහොමද බං ඕක දැං අපාය උනේ.
සහරාන් - අනේ මචං මම මෝඩ උනා, මනුස්ස ලෝකෙ ඉදිද්දි එක ගෑණියෙක් මදිවෙලා 72 ක් හොයන් ආවෙ. ඒත් මුන් මාර දූවරු. මට සැනසිල්ලක් ඇත්තෙම නෑ.
මම - මචං අපේ ධර්මයේ හැටියට නම් පවක් කලොත් විදවන්නම වෙනව. ඒක නිසා ඉන්න තැනක ඉදල පිනක් කරගන්න බලපං.

න අන්තලික්ඛෙ, න සමුද්දමජ්ඣෙ, – න පබ්බතානං විවරං පවිස්ස,
න විජ්ජති සො ජගතිප්පදෙසො යත‍්ථට්ඨිතො මුඤේචෙය්‍ය පාපකම්මා.

අකුශලයා ගේ විපාකයෙන් මිදිය හැකි තැනක් ලෝකයෙ හි නැත. අහසෙ හි සිටියත් මූද මැද සිටියත්, පර්වත විවරයක් ඇතුළට ගොස් සිටියත් අකුශලයා ගේ විපාකයෙන් නිදහස් වෙන්ට නො හැකි ය.

සහරාන් - ඔවු බං මට වැරදුණා, හොදටම වැරදුනා, මට මේ උදවුව කරපං. අපේ අනිත් අයට කියපං ඔය මිත්‍යාව අතහරින්න කියල, තව මිනිහෙක් මරල, තව එකෙක්ගෙ ජීවිතයක් විනාශ කරල ලබන්න පුළුවන් සැපක්, ස්වර්ගයක් නෑ කියල උන්ට තේරුම් කරල දියං.

(අනික බං ගෑණු ගොඩක් ඉන්න තැන කොහොමත් ස්වර්ගයක් තියෙන්න බැහැනෙ බං)

ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක් මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරා ධනා වක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවී...