ජීවිතයට කථාවක්

         ජීවිතයට කථාවක්

               ජීවිතේට ලොකූ පාඩම් කියල දෙන්න මහා ලොකු දේවල් අවශ්‍ය නෑ. සමහර පුංචි සිදුවීම් මහා ලොකු කථන්දර අපිට කියල දෙන්නෙ ආයෙත් හිතන්න එක්කමයි. මම කථාව මෙහෙම පටන් ගන්නම්.
        තවත් ඉරිදාවක (හරියටම 2017/05/14) පුරුදු විදිහටම මම උදෙන්ම දහම්පාසලට ගියේ ජීවිතේ සතුටින්ම කරන රාජකාරියට. පුරුදු විදිහට මගේ පන්තියට (6 ශ්‍රේණිය) ගියේ දවසට අදාල පාඩම උගන්වන්න. පාඩම තමයි දර්ම සංගායනා. පාඩම පටන් අරගෙන විවේකයට කලින් පළමු සංගායනාව ඉවර කෙරුවා. ප්‍රශ්ණ ටිකකුත් ලියන්න දීල කාර්යාලය පැත්තට ගියේ තේ එකක් එහෙම බීල ඉතුරු කොටස කරන්න හිතාගෙන. මොන පාඩම්ද පන්තියට ආපු ගමන් පුරුදු විදිහට නඩුවක් තමයි. (පුරුදු විදිහට කිවුවෙ පුංචි දරුවොනේ, හැමදාම මොනවහරි නඩු දෙක, තුනක් තියනව තමයි. පොතට එබුනත් ඉතින් නඩුවක් තමයි.)
        නඩුවක් කිවුවට මේක ටිකක් දරුණුයි. එහෙම කිවුවෙ අද දෙයක් නැතිවෙලා. පුංචි එකකුත් නෙමෙයි ඔරලෝසුවක්. කලින් සතිවලත් පොඩි දේවල් නැතිවුනාට ලොකුවට හෙවුවෙ නැතුව හැමෝටම පොදුවේ අවවාද කරල නිකන් හිටිය. (නැතිවෙලා තිබුනෙ බෑග් වල තියන බැජ්. අර බෑග් වල ලස්සනට තියන) මේක ලොකු නඩුවක් නිසා දිගටම බලන් ඉන්න එක හොද නැති නිසා 11 ශ්‍රේණියෙ ලමයි කීපදෙනෙකුත් ගෙන්නල බෑග් චෙක් කරන්න හිතුව. ඊට කලින් හැමෝටම පොදුවේ කිවුව නොදැන හරි ඔරලෝසුව ගත්තනම් දෙන්න කියල. ප්‍රථිචාරයක් නැති නිසා ලමයින්ගෙ බෑග් ඔක්කොම චෙක් කෙරුව. ඒත් අහුවුනු දෙයක් නම් නෑ....  කෝකටත් මම ලොකු මිස් කෙනෙකුත් ගෙන්නගෙන හිටියෙ. මිස් කිවුවා ඔහොම හොයන්න බෑ , ලමයි එක්කෙනා එක්කෙනා අරගෙන චෙක් කරමු කියල. ඉතින් ලමයි වෙනවෙනම අරගෙන හැමෝම සරමෙ ඉදන් චෙක් කරන්න පටන්ගත්ත.( පිරිමි ලමයි විතරයි, හැමෝම සරමට යටින් කලිසමක් එහෙම ඇදලනේ ඉන්නෙ)
        ඔන්න ඉතින් එක්කෙනා දෙන්න යනව සරමත් අතින් අල්ලගෙන පන්තියට එනව. පොඩි ඈවොන්ගෙ සරම අම්මල අන්දල පටියකිනුත් ගැට ගහල කටුත් ගහල එවන්නෙ. අපේ අයටත් සරම ගැලෙවුවට අන්දන්න බැහැනේ... වැඩේ පටන් ගත්තට ටිකක් අමාරු වැඩක් ලමයි (70) හැත්තෑවක් විතර ඉන්න පන්තියෙ පිරිමි ලමයිම හතලිහක් විතර බලන්න එපායැ. කොහොම හරි දැන් එක්කෙනා දෙන්න පන්තියට එද්දි මම හිටියෙ ගෑනු ලමයින්ගෙ පොත් වගයක් බලන ගමන්. ඔහොම ටික වෙලාවක් යද්දි එක පිරිමි ලමයෙක් ලගට එනව ඇස් දෙකත් රතු කරගෙන අඩන්න වගේ. මගේ ලගට ඇවිත් කැඩුණු වචන වලින් දෙයක් කිවුවට මට හරියට පැහැදිළි වුනේ නැහැ මම හිටියෙ පොත් බලන අවදානෙ නිසා. මම ආපහු ඇහුව මොකක්ද කිවුවෙ කියල.  එතකොට තමයි මට තේරුනේ කියපු දේ. සර් මම ඒක ගත්තෙ බිම වැටිල තිබිල කියල ඉකිබිදින සද්දෙ අස්සෙ කැඩුණු වචන වලින් කිවුව.
        මේ අස්සෙ අරෙහෙ ලමයි චෙක්කරනව. මම අර ලමයට වාඩිවෙන්න කියල හිමීට කියල පන්තියෙන් එලියෙ ඉන්න අය ලගට ගිහින් ඔය ලොකු ලමයි පන්තියට යන්න, ඔය ලමයින්ගෙ වැඩත් පාඩු වෙනවනේ.. මම ඒ ඔරලෝසුවට වෙන එකක් අරන්දෙන්නම් කියල ඒ අය පන්තියට යවල අපේ අයටත් (පන්තියෙ ලමයින්ට)  ඒකම කියල හිමිහිට පන්තියෙ වැඩ පටන්ගත්ත වෙනසක් පෙන්නන්නෙ නැතුව. ටිකක් වෙලාව ගියාම අර ලමය වෙන වැඩකට යවන විදිහට ඔෆිස් එකට යැවුව.  ටිකකින් මමත් අනිත් අයට වැඩක් දීල පහලට ගිහින් ලොකු සර් කෙනෙකුත් ගෙන්නල ලමයව බුදුහාමුදුරුවො ලගට එක්කන් ගිහින් ආයෙත් වැරදි වැඩ කරන්නෙ නෑ කියල පොරොන්දු කරවගෙන පන්තියට ආව. ටිකකින් අර ඔරලෝසුව අයිති ලමය ඔෆිස් එකට යවල ඔරලෝසුව දුන්න කැන්ටින් එක ගාව වැටිල තිබිල හම්බවුණු විදිහට.
        සිදුවීම එතනින් ඉවර වුනාට මට කියන්න ඕන කථාව පටන්ගන්නෙ මෙතනින්. ඒ ලමයගෙ පවුල් පසුබිම සහ 1 වසරෙ ඉදල තත්වය මම මුලින්ම කියපු මිස් දැනගෙන හිටිය. මේ දරුව 1 වසරෙදි පැන්සල් පෙට්ටියක් හොරාට අරගෙන, තව පන්තිවලදි තව බොහෝ දේවල්. මේ සේරටම දරුවට බනින්න දඩුවම් කරන්න ඕන කියල සමහර විටක ඔබටත් හිතේවි. ඒත් මම මෙතන ඉදල ඔබට කියන කථාව ඇහුවම ඔබ ආයෙත් ඒ ගැන හිතාවි, මට විශ්වාසයි. මම කිවුවනේ පවුල් පසුබිමත් ටිකක් දැනගත්ත කියල, දරුවගෙ තාත්තගෙන්ම පටන්ගන්නම්, තාත්ත රැකියාවෙන් ධීවරයෙක්, ජයට බොන කෙනෙක්, බිවුවට පස්සෙ මිනිස්සු කොහාමද කියල වෙනම කියන්න ඕන නෑ නෙ. අම්මත් බොහෝ කාලයක් රට ඉදල ඇවිත් තියෙන්නෙ සහ තව බොහෝ කථා අම්ම ගැන තියනව ඒව කථා නොකලයුතු තරමේ..  අයිය පාසල් යන්නෙ නෑ.... අක්ක කෙනෙක් ඉන්නව වයස කීයද දන්නෙ නෑ හැබැයි අල්ලපු ගෙදර කොල්ලව බැදල. මේ තත්වෙ හැටියට අර දරුවට කවුද රැකවරණය වෙන්නෙ, හොද නරක කියල දෙන්නෙ, ඒ දරුවට ඇහුම්කන් දෙන්න වත් කෙනෙක් නැතුව.
        මම මේ කියපු කථාව ඒ දරුවගෙ විතරක් කථාව නෙමෙයි, බොහෝ දරුවන්ගේ කථාව. අපේ අවාසනාවන්ත අනාගතයක කථාව. බොහෝ මිනිස්සු තම තමන්ගෙ සතුට හොයාගෙන යද්දි බොහෝ දේ බොහෝ දෙනාට නැතිවෙලා, නැත්නම් මග හැරිල. ඉතින් ආයෙත් හිතන්න වැරදි හැසිරීම් වැරදි තීරන, සිගරට් එක අරක්කු බෝතලේ රටට දරුවන්ට කරපු විනාසෙ. තාවකාලික සතුට දරුවන්ට අහිමි කල ඔවුන්ගේ අනාගතය. ඉතින් අපි වෙනස්වෙමු, වෙනස්කරමු මේ සිස්ටම් එක. ඒ වෙනුවෙන් අපිටත් කලහැකි දේ කරමු.

        ආයෙත් හිතමු, අළුතින් පටන්ගමු...

Comments

Popular posts from this blog

පොඩි කාලෙ ගෙවුනු හැටි.