Posts

ජීවිතයට කථාවක්

ජීවිතයට කථාවක්
               ජීවිතේට ලොකූ පාඩම් කියල දෙන්න මහා ලොකු දේවල් අවශ්‍ය නෑ. සමහර පුංචි සිදුවීම් මහා ලොකු කථන්දර අපිට කියල දෙන්නෙ ආයෙත් හිතන්න එක්කමයි. මම කථාව මෙහෙම පටන් ගන්නම්.         තවත් ඉරිදාවක (හරියටම 2017/05/14) පුරුදු විදිහටම මම උදෙන්ම දහම්පාසලට ගියේ ජීවිතේ සතුටින්ම කරන රාජකාරියට. පුරුදු විදිහට මගේ පන්තියට (6 ශ්‍රේණිය) ගියේ දවසට අදාල පාඩම උගන්වන්න. පාඩම තමයි දර්ම සංගායනා. පාඩම පටන් අරගෙන විවේකයට කලින් පළමු සංගායනාව ඉවර කෙරුවා. ප්‍රශ්ණ ටිකකුත් ලියන්න දීල කාර්යාලය පැත්තට ගියේ තේ එකක් එහෙම බීල ඉතුරු කොටස කරන්න හිතාගෙන. මොන පාඩම්ද පන්තියට ආපු ගමන් පුරුදු විදිහට නඩුවක් තමයි. (පුරුදු විදිහට කිවුවෙ පුංචි දරුවොනේ, හැමදාම මොනවහරි නඩු දෙක, තුනක් තියනව තමයි. පොතට එබුනත් ඉතින් නඩුවක් තමයි.)         නඩුවක් කිවුවට මේක ටිකක් දරුණුයි. එහෙම කිවුවෙ අද දෙයක් නැතිවෙලා. පුංචි එකකුත් නෙමෙයි ඔරලෝසුවක්. කලින් සතිවලත් පොඩි දේවල් නැතිවුනාට ලොකුවට හෙවුවෙ නැතුව හැමෝටම පොදුවේ අවවාද කරල නිකන් හිටිය. (නැතිවෙලා තිබුනෙ බෑග් වල තියන බැජ්. අර බෑග් වල ලස්සනට තියන) මේක ලොකු නඩුවක් නිසා දිගටම බලන් ඉන්න එක…
සද නොමැති රැයේ - තරු පහන් නිවා සිහිනයෙන් වඩින කුමරී කදුළකින් දොවා - හදවතම දවා ඔබ ගිහින් දුරක සොදුරී
ඔබෙ සුසුම් පවා - උණුහුමක් කියා මා සිතා ඔබට බැදුනී මගෙ ලගට වෙලා - හදවත රවටා මා මුලා කලා මලවී
සද නොමැති රැයේ....//
හමු උනත් ඔයා - ඉදහිට මතුදා ඔබ එන්න එපා හිනැහී ඔබෙ මතක පවා - මා විසිකෙරුවා සිහිනයෙන් ඔබේ ඇහැරී...
සද නොමැති රැයේ....//


අදහන්නෙ නෑ සිත ඒ ඔබමද කියා....

අපි පෙම් කලා පෙරදා එක හිතක් කියා අද වෙන් වෙලා ඔබ මා මෙහි තනිවෙලා දුක දුන්නෙ ඇයි මෙසේ මා රවටලා හිනැහෙන්න වත් මට දැන් අමතක වෙලා...
පෙර උන් බැදී මතකේ යලි සිහි වෙලා කදුලක් නැගී දෙනෙතේ ඇස් බොද කලා සිටියත් දුරින් සෙනෙහස අමතක වෙලා අදහන්නෙ නෑ සිත ඒ ඔබමද කියා....
අපි පෙම් කලා...//
නැගුවත් ලොවේ දසතින් මට චෝදනා මා වැරදි නැති බැවු ඔබ දන්නවා එනමුදු ඔබත් ඉන්නේ අද ගොළුවෙලා මා මියැදුනා වෙන් නම් සතුටින් ඔයා.....
අපි පෙම් කලා...//

හිතට දැණුන අපූරු සෙනෙහස.
ලියන්න තරම් ගොඩක් දේවල් තිබුනත් ලියන්න තරම් හිත හදාගන් බැරුව ටිකක් කල් ගතවුනා. පටන් ගත්ත හැමදේම බාගෙට. ඒත් ලගකදි වුන සිදුවීමක් එක්ක කොහොමහරි ලියන්න වෙලාවයි හිතයි දෙකම හදාගත්ත.             ලගකදි දවසක අසනීපයක් නිසා මට රෝහල් ගතවෙන්න සිද්ද වුනා. වැඩට ආපු ගමන් එහෙන්මම ගිහින් මාතර රෝහලේ 17 වාට්ටුවෙ නතරවුනා. වැඩිපුර හිටියෙ ඩෙංගු රෝගීන් නිසා ඩෙංගු මාරය ජයටම වැඩ පටන් අරන් නිසා දොස්තරවරු බැලුවෙ මටත් ඩෙංගුද කියල. කොහොම හරි ඔය වාට්ටුවෙම හිටිය වයසක අමාරු ලෙඩෙක් සිහිය නැතුව මැෂින් එහෙම හයි කරල තිබුනෙ. ඔහොම වෙද්දි මම ගියපු පලවෙනි දවසෙ හවස ඒ සීය බලන්න ආව එයාගෙ නෝන. (පස්සෙ ආරන්චි විදියට ඒ අයට ලමයි නැහැ) කොහොමහරි එදා ලෙඩාට වෙනදට වැඩිය අමාරුයි වගේ. ඉතින් අර අම්ම ඒ මහත්තය ලගට ගිහින් කනටම ලංවෙලා ලස්සනට කවි වගයක් කියනව. මට ඇත්තටම හාන්සිවෙලා ඉන්න තරම් අමාරුවෙන් හිටියට නිකම්ම ඇදේ වාඩි වුනා. පුදුම ලස්සන කවි ටිකක්, පුදුම ලස්සන කටහඩක්.             ඇත්තටම මට ඒ වෙලාවෙ කියන්න හිතුන අනේ අම්මෙ මුළු වාට්ටුවටම ඇහෙන්න කියන්න කියල. ඒත් එතන එහෙම හොද තත්වයක් තිබුනෙ නැහැ. ඒ අම්ම කවි කියන ගමන් ඒ තාත්ත…

පොඩි කාලෙ ගෙවුනු හැටි.

පොඩි කාලෙ  ගෙවුනු හැටි. තාමත් ආදරේ කරන පුංච් කාලෙ සමහර සිදුවීම් මතකෙන් මැකිල යද්දි තවත් සමහර සිදුවීම් අමතක කරන්න බැරි තරමටම සුන්දර නිසාම තාම මතකයි. ඒ පුංචි පුංචි සිදුවීම් අදටත් මට ජීවිතේ කියල දෙනව. පුළුවන් පුළුවන් විදියට අපි කතාකරමු.            මට ඇවිදින්න පුළුවන් කාලෙ ඉදන් ජීවිතේ වැඩි කොටසක් වැඩි කාලයක් ගෙවුනෙ ගමේ පන්සලේ. උදේ නැගිටපු වෙලාවෙ ඉදන් රෑට නිදාගන්නකම් පන්සලේ තමයි ජීවිතේ. ඇත්තටම ඒක වෙනස් සුන්දර අද්දැකීමක් හැමෝටම නොලැබෙන. සමහර වෙලාවට කැවුවෙ පෙවුවෙ නෑවුවෙ පන්සලේ හාමුදුරුවො.(පොඩි කාලෙ හොදද)          මොනව කොහොම උනත් පන්සලේ ඉදල බයවෙලා වෙළෙන් පැනල ගෙදර දුවපු දවසුත් තිබුන. හේතුව නම් මේකයි. නායක හාමුදුරුවො අනිත් හාමුදුරුවන්ගෙ හිස බූ ගාන්න දැලිපිහිය අරන් ඇවිත් මාවත් කොන්ඩෙ කපල මහන කරන්න හැදුවෙ පාරක් දෙපාරක් නෙමෙයි.(පස්සෙ තමයි තේරුනේ ඒ බොරුවට කියල.) කෙහොම උනත් ඒ වෙලාවට නම් මම කොච්චර චන්ඩියද කිවුවොත් පස්ස බලන්නෙ ගෙදරටම ගිහිල්ල. කෙලින්ම පන්සල් වත්තෙන් වෙළට, වෙළෙන් දුවල ඇවිත් නවතින්නෙ අපේ ඉඩමෙ අයිනෙ තිබුන දෙල් ගහේ. හුසෙන් බෝල්ට් හිටියත් දෙක තමයි.(එහෙම තමයි කොච්චර චන්ඩි උනත් ඔහොම වෙලාවට බය …

ඔය සිනහව මට දෙනවද

හිනාවුනා ඔයා හදේ හැගුම් මවා මගේමදෝ කියා සිතත් පිරී ගියා එදා වගේ අදත් වටී මටත් ඔයා හෙටත් මගේ ලගින් ඉන්න එනවද ඔයා....
ඇසේ ඔබේ කථා මගේ සවන් පුරා දැනේ ලගින් මටත් ඔබේ සුසුම් පවා නගේ ඔබෙන් තවත් දුරස් බවක් එපා සෙනේහයෙන් ලගින් ඉන්න එනවද ඔයා....
හිනාවුනා ඔයා............//
ලදේ ඔබේ රුවින් සදත් මුවාවුනා තරුත් ඇවිත් රැයේ හොරෙන් බලා ගියා තවත් දුරින් ඉදන් රිදුම් මටත් එපා රන්හුයෙන් බැදී යන්න එනවද ඔයා.....

හිනාවුනා ඔයා............//

අදහන්නෙ නෑ ඔබත් හැරගිය බවක්

උණුහුමට ගුළිවෙච්ච රෑ සීතලේ නිදියන්න ඉඩ මදිද මගෙ උරතලේ හිනැහිච්ච ඇස් ඔබම කදුලක් කලේ රැවටිච්ච බව දන්නේ නෑ සිත මගේ
හමුවෙච්ච හැමදාම මගෙමැයි කියා රතුවෙච්ච ඔය මුහුණ පපුවට තියා මතකයිද ඔබ කිවුව දිවුරා  එදා අද මාව කදුලේ ඔයා වෙන්වෙලා
උණුහුමට ගුළිවෙච්ච රෑ..........
තනිවෙච්ච ඔබෙ මතක මතකේ තියා හිමිවෙච්ච දුක එක්ක මා තනිවෙලා යලි එන්න හිතුනත් ඔයා නම් එපා තනිකම හොදයි කදුලු මතකෙට වඩා....

උණුහුමට ගුළිවෙච්ච රෑ..........