Wednesday, April 27, 2016

ඔය සිනහව මට දෙනවද

හිනාවුනා ඔයා හදේ හැගුම් මවා
මගේමදෝ කියා සිතත් පිරී ගියා
එදා වගේ අදත් වටී මටත් ඔයා
හෙටත් මගේ ලගින් ඉන්න එනවද ඔයා....

ඇසේ ඔබේ කථා මගේ සවන් පුරා
දැනේ ලගින් මටත් ඔබේ සුසුම් පවා
නගේ ඔබෙන් තවත් දුරස් බවක් එපා
සෙනේහයෙන් ලගින් ඉන්න එනවද ඔයා....

හිනාවුනා ඔයා............//

ලදේ ඔබේ රුවින් සදත් මුවාවුනා
තරුත් ඇවිත් රැයේ හොරෙන් බලා ගියා
තවත් දුරින් ඉදන් රිදුම් මටත් එපා
රන්හුයෙන් බැදී යන්න එනවද ඔයා.....


හිනාවුනා ඔයා............//

2 comments:

  1. සිංදුවක් වගේ තිබ්බට සිංදුවක් නෙවී නේද..
    හැබැයි තව ටිකක් පොලිෂ් වුනා නං හොඳ සිංදුවක කරන්න තිබ්බ.
    ලස්සනයි...
    ෆලෝවර් ගැජට් එක එල්ල ගන්න ආයෙමත් එන්න ලේසී එතකොට...
    ජයවේවා....

    layout>add a gadget> more gadget> followers

    ReplyDelete
  2. ස්තුතී මහේෂ් ! මම නම් බ්ලොගේට අළුත්. අදහසට පිං. ආසාව සිංදුවක් කරන එක තමයි. අනිත් ඒව ටිකත් බලල අදහස කියන්න.

    ReplyDelete

ගාලු කොටුවෙ මතක කතා

මේක ගීත කතාවක් මීට වසර කීපයකට කලින් මගේ මිතුරෙකුගෙ පෙම් හමුවකට සහයක වශයෙන් සහභාගී වෙන්න කියල ආරා ධනා වක් ලැබුණ. ඒක ඔවුන් දෙදෙනගෙ පළමු හමුවී...